අධික තාපය සහ වියළි බව හේතුවෙන් ඊයේ(17) ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර ආසන්න මෙන්ත්‍රීදා සහ වැල්මොහාදෝ යන කලාපවල ප්‍රබල ළැව්ගින්නක් ව්‍යාප්තව වූ අතර දැඩි සුළඟ හේතුවෙන් ළැව්ගින්නේ ව්‍යාප්තිය තීව්ර වී ඇත.
එම කලාපයේ නිවාස වල රැඳී සිටි විශාල පිරිසක් ආරක්ෂිත කලාප වෙත බලධාරීන් යොමු කර ඇත.
හෙක්ටයාර 3,000 ක් (අක්කර 7,400) පමණ ප්‍රදේශයක් විනාශ වි ඇති අතර, ළැව්ගින්න පාලනයට ගිනි නිවන අංශයට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ළැව්ගිනි හේතුවෙන් හටගත් දුමාරයෙන් මැඩ්රිඩ් අගනුවර වායු දූෂණය ද කැපී පෙනෙන මට්ටමකින් ඉහළ ගොස් ඇත.