ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති තරගය කඩුලු 5 කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්වුණා.
අබුඩාහිදී පැවති මෙම තරගය පාකිස්තානය ජය ගැනීමත් සමග එම කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණීමටද හැකිවී තිබෙනවා.
පාකිස්තානයට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 134 ඉලක්කය පන්දුවාර 17 යි පන්දු 05 ක් අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 138ක් රැස්කරමින් පසුකළා.