ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ 5 වෙනි සමාලෝචනය සලකා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරි සති කිහිපය තුළ රැස්වන බව IMF සන්නිවේදන අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය පවසා ඇත.
IMF මූලස්ථානයේ ඊයේ (2025 නොවැම්බර් 13) පැවති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළේ, 2026 වසර සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති අයවැය ණය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලදැයි IMF කාර්ය මණ්ඩලය මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවයි.













