2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14 දශම 4 ඉක්මවා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.
මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයනය සියයට 6 දශම 0ක සැලකිය යුතු වර්ධනයක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරන බවයි එම මණ්ඩලය සදහන් කලේ.
මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමඟ ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 14,433 දශම 82 කි.
එය 2024 වසරේ එම කාලයට වඩා සාපේක්ෂ වර්ධනයක් පෙන්නුම් කරනු ලබනවා.
කෙසේවෙතත් වසරක මුල් මාස දහය තුළ අපනයන ආදායම ඩොලර් බිලියන දාහතර ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්
මෙම කාලය තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයද ප්‍රථමවරට අමෙරිකානු ඩොලර් බිලියන 1 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.













