ශ්‍රී ලංකන් ගුවන් සේවය 2024 ජුනි මාසයේදී ගෙවීමට නියමිතව තිබූ ඇමෙරිකා ඩොලර් මිලියන 175 බැදුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ දිගුකාලීන ණය තිරසර භාවිතයට අනුකූලවීම සහතික වීම සදහා ප්‍රතිපත්තිමය ගිවිසුමේ නියමයන් ශ්‍රී ලංකාවේ නිල ණය හිමි කමිටුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී තිබෙනවා.
බැදුම්කර ප්‍රතිව්‍යූහගතකරණය හරහා මුළු හිමිකම් ප්‍රමාණයෙන් සියයට 15ක කප්පාදුවකට එකග වී ඇති බවයි වාර්තා වන්නේ.
නිර්මාණය විය හැකි ගැටලු වළක්වාගැනීම සදහා ප්‍රායෝගික ප්‍රවේශයකට එළඹීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට හැකිව තිබෙනවා.
දිගුකාලීන ණය තිරසර භාවයට අනුකූල වීම සහතික කිරීම සදහා ප්‍රතිපත්තිමය ගිවිසුම්වලට අනුව කටයුතු කිරීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.
ආර්ථික සමෘද්ධිය සදහා වඩාත් හොදින් ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම පවතින බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ.
උණුසුම් පුවත්
- ධම්මිකට ඇප – හිටපු ඇමැති අර්ජුනත් අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට කියයි
- නුවරඑළියේ ආපදාවට පත් පාසල් ළමුන්ට අවශ්‍ය ද්‍රව්‍ය මහා කරුණා බෞද්ධ සංගමයෙන්
- කසළ තේ තොගයක් සමග සැකකරුවක් මාට්ටුයි
- ටී56 වර්ගයේ ගිනිඅවියක් සමග සැකකරුවෙක් පොලිස් දැලේ
- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට
- ගාල්ල මහ නගර සභාවෙත් අයවැය පරාදයි
- රන්වල මන්ත්‍රීවරයා පැදවූ වාහනයේ තිරිංග දෝෂයක් බවට අනාවරණයක්
- පාකිස්තාන රජයෙන් මානුෂීය අධාර තොගයක්













