රත්මලාන ප්‍රදේශයේ වෙළඳසැල් හිමිකරුවෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා.
පොලිසිය පැවසුවේ වෙඩි වැදිමේන් තුවාල ලැබු පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 40ක රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබෙනවා.
පොලිසිය වැඩිදුරටත් පැවසුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරන බවයි.
මෙම වර්ෂය තුළ පුද්ගලයින් හට වෙඩි තැබීමේ සිදුවීම් 60 ක් පමණ වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ට පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසනවා.
එමෙන්ම එම වෙඩි තැබීම් තුළින් පුද්ගලයින් 36 දෙනෙකුට අධික ප්‍රමාණයක් මියගොස් ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ.