
මේ වසරේ යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ වී අලෙවි මණ්ඩලය විසින් වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලදී ගෙන තිබෙනවා. පසුගිය 13 වැනි දින සිට ආරම්භ කළ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සමග මෙම වී ප්‍රමාණය මිලදී ගත් බවයි එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමන් පාලිත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ. එහිදී වැඩිම වී අස්වනු ප්‍රමාණයක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන ඇති බව සඳහන්.














