
ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් ගුවන් යානයක් අද අලුයම මෙරටට ළඟා වුණා.
ඒ අනුව ආහාර, කූඩාරම් ඇතුළු මානුෂීය ආධාර තොගයක් මෙම ගුවන් යානය මගින් මෙරටට ගෙන එනු ලැබුවා.
කොළඹ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් වෙත මෙම ආධාර තොගය නිල වශයෙන් බාර දී තිබෙනවා.














