කඳපොල චන්දිරිගම ප්‍රදේශයේ නායයෑමකින් අතුරුදහන් වූ පවුලක් සොයා මේ වනවිට යුද හමුදාව මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
මව, දරුවන් දෙදෙනා සහ එම පවුලේ මිත්තනිය මෙලෙස අතුරුදන්ව ඇති අතර, නුවරඑළිය සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම මෙහෙයුම ඊයේ දින සිට දියත් කරනු ලැබුවා.
ඉකුත් 27 වනදා දහවල් එම ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව සමග මෙම නිවස නාය ගොස් ඇති අතර, එම අවස්ථාවේ ඔවුන් සියලුදෙනා නිවසේ රැඳී සිටි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
අතුරුදහන් වූවන් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













