නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
නේපාලයේ කත්මන්ඩු හි පිහිටි ශ්‍රී ලංකා නානාපති කාර්යාලය එරට සමාජ මාධ්‍ය කණ්ඩායම් සහ සෙසු ජන කොටස් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවයි එම අමාත්‍යාංශය සදහන් කලේ.
එමෙන්ම මේ වන විට එකසිය දෙදෙනෙකු එරට වෙසෙන අතර, ඔවුන් සියලුදෙනා ආරක්ෂිතව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කලා.
එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඕනෑම අවස්ථාවක අවශ්‍ය සහාය ලබාදීමට නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තර අවදානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළා.