වැලිගම, උඩුකාව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ වැලිගම ප්‍රදේශීය සභාවේ ජාතික ජන බලවේග පක්ෂයේ මන්ත්‍රී තාරක නානායක්කාර මහතාගේ නිවසට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. අද අලුයම 4.40 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට මරණ තර්ජන ඇති බව පවසා නිවසට පොලිස් ආරක්ෂව ද ලබාගෙන තිබූ බවයි පොලිසිය පවසන්නේ. වෙඩි ප්‍රහාරය නිවසේ ගේට්ටුවට එල්ල වී ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ. එහිදී වෙඩිකරුවන් වෙත පොලීසියෙන්ද වෙඩි තබා ඇති අතර එම අවස්ථාවේ ඔවුන් පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














