සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. ඌව, උතුර සහ නැගෙනහිර පළාත්වල අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 ක 50 ක පමණ තද සුළං ඇති විය හැකි බවද සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














