පාලන මිලට වඩා වැඩිමිලකට සහල් අළෙවි කළ වෙළෙඳුන් පනස් දෙනෙකුට ආසන්න පිරිසකට විරුද්ධව නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
නියම කර තිබෙන පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීමේදී මෙම වෙළෙන්දූන් නීතියේ රැහැනට හසුකර ගත් බවයි එම අධිකාරිය සදහන් කළේ.
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා සිදු කරන වැටලීම් අද සිට පුළුල් කරන බවද පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් පවසනවා.