
බොරැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෝටර් රථ වාහන ලියාපදිංචිය සඳහා අවශ්‍ය ලේඛන ව්‍යාජ ලෙස සකස් කර මුදල් ලබා ගන්නා ස්ථානයක් සම්බන්ධයෙන් වැටලීමක් සිදු කර තිබෙනවා. එහිදී නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබූ බවයි වාර්තා වන්නේ. සැකකරුවන් වයස අවුරුදු 39, 52 හා 56 වියෙහි පසුවූවන් බවයි පොලිසිය සඳහන් කළේ.














