
බුලත්සිංහල පොලිස් වසමේ, බෝතලේගම ප්‍රදේශයේදී පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් අවුරුදු 37, 52 හා 67 වයස්වල පසුවන බුලත්සිංහල හා දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි වාර්තා වන්නේ. බුලත්සිංහල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ ඇති බව සඳහන්.














