ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා මෙරට රජයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
සිය නිල සංචාරය නිමා කරමින් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සදහා එක් වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.
එම පනත යටතේ දීර්ඝ කාලයක් තිස්සේ රදවාගෙන සිටින රැදෙවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බවයි ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කළේ.
ඊට අමතරව සමරිසි විවාහ අපරාධයක් නොවන ලෙසට යෝජනා වන පනත් කෙටුම් පත කඩිනමින් සම්මත කරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සම්බන්ධයෙන්ද තමන් මෙරට රජය සමගින් සාකච්ඡා කළ බවයි මහ කොමසාරිස්වරයා වැඩි දුරටත් එහිදී සදහන් කළේ.