ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් යුරෝපා රටවල මෙම දිනවල හටගෙන තිබෙන අධික උණුසුම්
කාලගුණ තත්ත්වය හේතුවෙන් පෘතුගාලය, ස්පාඤ්ඤය, ඉතාලිය හා ප්‍රංශය යන රටවල දරුණු ළැව් ගිනි පැතිර යමින් තිබෙනවා.
මෙම ළැව් ගිනිවලට ගොදුරු වීමෙන් පුද්ගලයකු මියගොස් ඇති අතර ළැව් ගිනි පැතිර යන
සෙසු රටවල පුද්ගලයන් රැසකට සුළු තුවාල සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ගිනි පැතිරෙන රටවල ඒවා නිවා දැමීම හෝ පැතිරීම පාලනය කිරීම සඳහා ගිනි නිවන හමුදා භටයන් දහස් ගණනක පිරිසක්
සේවයේ යොදවා තිබෙනවා