
අනුරාධපුර-රඹෑව මාර්ගයේ ගල්වල හන්දිය ආසන්නයේදී කාර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් දකුණට හැරවීමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුරින් සාලියපුර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පසුපැදිකරු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.













