කැරැල්ලක අවධානමක් හේතුවෙන් මොස්කව් නුවර ආරක්ෂාව තර කර තිබෙනවා.
රුසියානු කුලී හේවා කණ්ඩායමක ප්‍රධානීයා සන්නද්ධ කැරැල්ලක් ආරම්භ කිරීමට යන බවට ලද තොරතුරකට අනුවයි මෙලෙස ආරක්ෂාව තරකර ඇත්තේ.
ගුවන් ප්‍රහාර මගින් තම සගයන් විශාල පිරිසක් ඝාතනය කළ බවට කුලි හේවා කණ්ඩායමේ ප්‍රධානියා රුසියානු ආරක්ෂක අමාත්‍යවරයාට චෝදනා කරනවා.
කෙසේවෙතත් රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.