ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන්ට එරෙහිව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය වළක්වාලමිනුයි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගොනුකළ අභියාචනා පෙත්සමක තීන්දුව දෙමින් ෆ්‍රැන්ක් ගුණවර්ධන හා විනිසුරු එම්. බී. චමත් මොරායස් යන විනිසුරු මඩුල්ලක් විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවා.
උණුසුම් පුවත්
- ගිනි අවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
- පෝය දවසේ බිස්නස් එකට පෙරපු බඩු පොලිසියට මාට්ටු වෙයි
- හැටන් දුම්රිය ස්ථානය රුපියල් ලක්ෂ 42ක අමතර ආදායමක් උපයයි
- විදුලි සැර වැදී මියගිය වල් අලියෙක් හමුවෙයි
- නාරම්මල රිය අනතුරකින් තිදෙනෙක් මරුට
- වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- බුලත් මිල ඉහළට – විටක් 70-80 දක්වා ඉහළට
- ජනපති ට්‍රම්ප් හමාස් ප්‍රතිචාරය අපේක්ෂාවෙන්