
බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය තොග සැපයීමේ ජාවාරමේ නිරත වූ බන්ධනාගාර නියාමකවරයා ඇතුළු දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින හතක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා . ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඊයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට මේ බව දැනුම් දෙනු ලබුවා. ඒ අනුව එම සැකකරුවන් දින 7ක කාලයක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමටයි අවසර ලබා දී ඇත්තේ. මෙලෙස අධිකරණය මගින් රැඳවුම් නියෝග ලබා දී ඇත්තේ බන්ධනාගාර නියාමකවරයෙකු වූ බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙකුට සහ
සහ දෙහිවල වෛද්‍ය පාර පදිංචි 32 හැවිදිරි පුද්ගලයා හටයි. එම සැකකරුවන් සමඟ රුපියල් ලක්ෂ විස්සකට අධික වටිනා අයිස් මත්ද්‍රවය ගෑම් 100ක් හා හොරෙයින් මත්ද්‍රව්‍ය ගෑම් 20ක් පොලිස් භාරයට ගෙන තිබුණා. අත්අඩංගුවට ගත් නියාමකවරයා පසුගිය ජනවාරි මාසයේ සිට බන්ධනාගාරයේ සේවයට පැමිණි අයෙකු බවත් ඊට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සේවයේ නිරතව සිට ඇති බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළා.














