ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයේ නිරත වන ලංකා පාසල් සංවර්ධන නිලධාරීන් සමග සාකච්ඡාවක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබෙනවා.
ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා මේ බව උපවාසකරුවන්ට අද(30) දැනුම්දී තිබෙනවා.
ඒ අනුව ලබන අඟහරුවාදා (03) සවස හයට මෙම සාකච්ඡාව ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාවය පළකර ඇති බවටයි වාර්තා වන්නේ.
ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා එහිදී ඉල්ලා සිටියේ ලබන සඳුදා දිනයේ සියලුම සංවර්ධන නිලධාරීන් කැඳවා ඇති බවත් ඒ හේතුවෙන් එම සාකච්ඡාව ඊට පෙර ලබාදෙන ලෙයසි.
පාසල්වලට අන්තර්ග්‍රහණය කරන ලද උපාධිධාරීන් සිය සේවය ස්ථිර කරන ලෙස ඉල්ලා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළ අතර ඊට අදට දින 5ක් වනවා.













