මාරවිල, මරඳ ප්රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක මිය ගොස් තිබෙනවා. පොලීසිය පවසන්නේ නිවසක් ඉදිරිපිට සිටි කාන්තාවකට මෙලෙස වෙඩි තබා ඇති බවයි.
මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 හැවිරිදි කාන්තාවක බවයි පොලිසිය පවසන්නේ. වෙඩි තැබීම සිදු කළ අවස්ථාවේදී ඒ් අසල සිටි දස හැවිරිදි කුඩා දරුවෙකුටද තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.