Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූනි 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇමෙරිකාව යළිත් වරක් යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් වන බව නිවේදනය කරයි

    ඇමෙරිකාව යළිත් වරක් යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් වන බව නිවේදනය කරයි

    2025-07-23කියවීමට මිනිත්තු 2ක් ගතවේ.39 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝ සංවිධානයෙන් යළි ඉවත්වන බව නිවේදනය කර තිබෙනවා. මෙම තීරණය 2026 වසරේ දෙසැම්බර් මස අවසානය වන විට බලාත්මක වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අධ්‍යාපනය, විද්‍යාව සහ සංස්කෘතිය තුළින් ජාත්‍යන්තර සහයෝගීතාවය තුළින් සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා පිහිටුවන ලද පැරිස් මූලස්ථානය සහිත මෙම ආයතනයට මෙම පියවර දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි වාර්තා වන්නේ.

    යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධානී ඕඩ්‍රි අසූලේ ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාවේ මෙම නිවේදනය පුදුමයට කරුණක් නොවන බවයි.

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදය යළිත් යුනෙස්කෝවෙන් ඉවත් කර ගැනීමට ගත් තීරණය පිළිබඳ තමා ඉතා කණගාටු වන බවත්, ඕඩ්‍රි අසූලේ පවසා ඇතැයි සඳහන්. කෙසේ වෙතත් එය කණගාටුවට කරුණක් වුවද, මෙම නිවේදනය අපේක්ෂා කළ නිවේදනයක් වූ අතර, යුනෙස්කෝව ඒ සඳහා සූදානම්ව සිටි බවද ඔහු පෙන්වා දෙනවා.

    ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළදීද, යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් වූ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, ගෝලීය දේශගුණික විපර්යාස ගිවිසුම සහ 2015 ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන්ද ඉවත් වුණා.

    එක්සත් ජනපදය ප්‍රථම වරට 1945 වසරේ යුනෙස්කෝව පිහිටුවීමේදී ඊට එක් වූවද, 1984 වසරේදී මූල්‍ය අක්‍රමිකතා සහ ඇමෙරිකානු විරෝධී නැඹුරුවක් යැයි පැවසු ප්‍රකාශයක් හේතුවෙන් ඊට විරෝධය පළ කරමින් පළමු වරට ඉවත්ව තිබුණා.

    මේ අතර ඇමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් 2021 වසරේ දී බලයට පත්වීමෙන් පසු එම තීරණ ආපසු හැරවූ අතර, එක්සත් ජනපදය යුනෙස්කෝ සංවිධානයෙට, ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත සහ දේශගුණික ගිවිසුමට යළි එක් වුණා.

    කෙසේ වෙතත් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් ධවල මන්දිරයට පැමිණීමත් සමඟම, එක්සත් ජනපදය නැවතත් මෙම ගෝලීය ආයතනවලින් ඉවත් වෙමින් සිටින බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

    පෙර පුව​තනිලන්ත වෙනුවෙන් ගම්මන්පිල හඬ අවදි කරයි ! – VEDIO –
    ඊළඟ පුව​ත මාරවිල වෙඩි තැබීමක් – කාන්තාවක මරුට – දරුවෙකුටත් තුවාල

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group