දැනට ක්‍රියාත්මක විශාල සේවක පිරිසක් සහිත මහා පරිමාණ ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා.
ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව අනුව අමාත්‍ය මණ්ඩලය විසින් එම තීරණය ගත් බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට දැනුම් දෙමින් ඔහු මේ බව සඳහන් කළා.
හඬ පට ධාවකයමේ අතර සේවක භාර අරමුදල් පනතට සංශෝධන හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බවයි බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ.
හඬ පට ධාවකය