
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක හතරක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය ඊයේ රාත්‍රී 11:00ට නිකුත් කර ඇති අතර එය අද රාත්‍රී 11:00 දක්වා වලංගු වන බවයි එම සංවිධානය අවධාරණය කළේ.. ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සහ ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්ම ඒ අවට ප්‍රදේශ සඳහා අදියර 2 යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ්
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඇතුළු ඒ අවට ප්‍රදේශ සඳහා ද අදියර 2 යටතේ විමසිලිමත්ව සිටින ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි දැක්වෙන්නේ. මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක සහ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 1 යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. 4 නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, තලවකැලේ, කොත්මලේ නැගෙනහිර
සහ කොත්මලේ බටහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ සඳහා නිකුත් කර ඇත්තේ අදියර 1 යටතේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයි. මේ අතර ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟ ආශ්‍ර ිත පහත් බිම් ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම දෙපාර්තුමේන්තුව අද රාත්‍රී 12.30 නිකුත් කර ඇති අනතුරු ඇගවීමේ නිවේදනය හෙට මධ්‍යම රාත්‍රී 12.30 දක්වා වලංගු වනු ඇති. ඒ අනුව මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟඉහළ
කෝරළය, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා මෙම නිවේදනය අදාළ වනවා. එබැවින් එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව සහ පහත් බිම්වල පදිංචි මහජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි දැනුම් දෙන්නේ. ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන අතර ඉදිරි කාලය තුළදී තවදුරටත් වැසි ඇතිවිය හැකි බැවින් මහජනතාව දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙසයි උපදෙස් දී ඇත්තේ.














