බෙලිඅත්ත සිට මහනුවර බලා ධානය වූ සීඝ්ර ග්රාමී දුම්රියේ එන්ජිම එඩේරමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා.
දුම්රිය එන්ජිම ගිනි ගැනීමෙන් කිසි වෙකුටත් හානියක් සිදු වී නැහැ.
ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.
දුම්රිය දෙපාර්තුමේන්තුව පැවසුවේ වෙනත් දුම්රිය එන්ජිමක් යොදාගෙන දුම්රිය ධාවනය කිරීම සදහා කටයුතු කරන බවයි.