
ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක පසුගිය සිකුරාදා උදෑසන කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත වුණා.
එතුමියගේ දේහය මහජන ගෞරවය සඳහා අද උදෑසන 9 සිට සවස 5 දක්වා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.














