මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ(20) රාත්‍රීයේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දියඇල්ලට ජලය ගලා බසින ඩෙවෝන් ඇල පිටාර ගැලීමෙන් හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ පහත් බිම් රැසක් අද(21) අලුයම සිට ජලයෙන් යටවී තිබෙනවා.
හැටන් කොළඹ සහ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බවත් එම මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙසත් නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
පවතින වැසි සමග කාසල්රී ජලාශය පිටාර මට්ටමට අඩි 3ක්ද මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 10 දක්වා ආසන්න වී ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා.
එම ජලාශ දෙකේම ජල මට්ටම ඉහළ යාමත් සමගින් කැනියොන්,ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර ජලාශවල විදුලිය උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදුකරන බවයි විදුලි බලාගාර භාර ඉංජිනේරුවන් කියා සිටියේ.