මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා .
ඔවුන් සන්තකයේ තිබී හමු වී ඇති මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවයි පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සදහන් කලේ .
මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම කළුතර බන්ධනාගාරයේ සිට මෙහෙයවා ඇති බවයි වාර්තා වන්නේ .
එහිදී සැකකරුවන් සන්තකයේ තිබූ හොරයින් මත්ද්‍රවය ග්‍රෑම් 301 යි මිලිගෑම් 580 ක් , අයිස් මත්ද්‍රවය ගෑම් 276 යි මිලිගෑම් 230 ක් , ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියක් , විද්‍යුත් තරාදියක් ,ස්මාට් ජංගම දුරකථනයක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් එක් ලක්ෂ 31 000 ක මුදලක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබුණා.
ඒ අනුව බණ්ඩාරගම ගම්මන්පිල පුවක් අරඹ ප්‍රදේශයේ නිවසක් වටලා එහි කුලී පදනම මත පදිංචිව සිටි කාන්තාවන් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී මෙම අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිව තිබෙනවා .
එම සැකකාරිගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සිය සැමියා හොරයින් මත්ද්‍රවය ග්‍රෑම් 100 ක් සන්තකයේ තබා ගැනීමේ වරදට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවයි .











