මහනුවර කන්දෙන් පහළ ප්‍රදේශය වන මහියංගනය, දඹාන පදියතලාව වැනි පුරාණ බිම් තුළ සැඟවී ඇති භූ තාක්ෂණික විප්ලවයන් විශාල වශයෙන් ලොව කතා බහට ලක්වෙන අතර එහි සුරක්ෂිතතාව වගකීම රජයක් ලෙස නොපැකිලව භාරගන්නා බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා අවධාරණය කළා.
ඇමතිවරයා මේ බව කියා සිටියේ ලෝක මිහිකත් දින සමුළුවට ඊයේ එක් වෙමින්.
මහියංගණය දඹාන ප්‍රදේශයේ දී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්වුණා.
මෙම සමුළුව Planet Protector සංවිධානයේ අනුග්‍රහයෙන් සහ මූලිකත්වයෙන් පැවැත්වුණා.
මෙම අවස්ථාව සඳහා තිත්තගල්ලේ ආනන්ද ස්වාමීන් වහන්සේ, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන්, මහාචාර්ය සරත් කොටගම, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, මහාචාර්ය පොල් නැල්සන්, ආචාර්ය අමිත් පුස්වැල්ල ඇතුළු දෙස් විදෙස් ආරාධිතයන් පිරිසක් සහභාගී වූණා.