බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා .
පසුගිය කොවිඩ් සමයේදී ඩවුනින් විදීයේ පිහිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ නිල නිවසේදී කොවිඩ් නීති උල්ලංඝණය කරමින් සාද පැවැත් වූ බවට හිටපු අග්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ල වුනා .
ඔහු විසින්ම හඳුන්වා දුන් නීති කඩ කිරීමත් සමග ඔහුට එල්ල වූ විරෝධය හමුවේ පසුගිය වසරේ ජූලි මාසයේදී හිටපු බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වුනා