බැංකු සහ කොටස් වෙළඳපොළ දින පහක දීර්ඝ නිවාඩුවකින් පසුව සාමාන්‍ය පරිදි අද (04) විවෘත කෙරෙනවා.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා බැංකු ඉකුත් බ්‍රහස්පතින්දා සිට ඊයෙදින දක්වා වසා තැබුණු අතර එයට සාපේක්ෂව කොළඹ කොටස් වෙළඳපොළද දින පහක් තිස්සේ වසා තැබුණා.
අද සිට සාමාන්‍ය පරිදි රට පුරා සියලු බැංකු ශාඛා විවෘත වන අතර ගනුදෙනුකරුවන්ට ඒවායේ සේවය ලබා ගැනීමට අද සිට හැකියාව ලැබෙනු ඇති.
දින 5 කට පසුව කොටස් වෙළදපොල අද සිට ක්‍රියාත්මක වනවා.