ලොව ප්‍රමුඛ කුකුළු මස් අපනයනය කරන රටක් වන බ්‍රසීලයට එරෙහිව වෙළෙඳ තහනමක් පැනවීමට රටවල් කිහිපයක් පියවර ගෙන තිබෙනවා.
ඒ, එරටින් කුරුළු උණ රෝගී තත්ත්වය වාර්තා වීම හේතුවෙන්.
චීනය, යුරෝපීය සංගමය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් දින 60 කට බ්‍රසීලයෙන් කුකුළු මස් ආනයනය තහනම් කරන කරන බව නිවේදනය කර තිබෙනවා.
රටවල් 60කට අධික සංඛ්‍යාවකට බ්‍රසීලය විසින් කුකුළු මස් අපනයනය කරන අතර ගෝලීය වෙළඳාමෙන් සියයට 35ක පමණ ප්‍රතිශතයක් බව සඳහන්.
චීනය, ජපානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බ්‍රසීලයේ කුකුළු මස් අපනයනය කරනු ලබන ප්‍රධාන රටවල් කිහිපයක් වනවා.