බස්නාහිර පළාත් සභාව් හිටපු මන්ත්‍රී අමල් සිල්වා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින්.
ව්‍යාජ ලියකියවිලි යොදා ලියාපදිංචි කර තිබූ රුපියල් කෝටි 6ක් වටිනා සුඛෝපභෝගි රථ වාහන තුනක් සමගින් හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අද(28) දින සිදු කරන ලද වැටලීමකදීයි.
මෙම රථ වාහන නීති විරෝධීව මෙරටට ගෙන්වා කූඨලේඛන භාවිත කරමින් මෝටර් රථ ප්‍රවාහන දොපර්තමේන්තුවෙහි ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කර ඇති බවටයි වාර්තා වන්නේ.
රාජ්‍ය ආයතනවලට අයත් ගර්භිත කරන ලද වාහනවල ලියාපදිංචි අංක යටතේ කූඨ ලේඛන සකස් කළ මෙම වාහන ලියාපදිංචි කර ඇති බව පොලිසිය සිදු කරන ලද මූලික විමර්ශනවලසී අනාවරණ වී ඇති බවද වාර්තා වනවා.
සැකකරු හෙට(29) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.