
කිලෝමීටර් 5000ක් ධාවනය කිරීමෙන් අනතුරුව සියලුම මගී ප්‍රවාහන බස් රථවල තත්ත්ව පරික්ෂාව අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි එහි සභාපති මංජුල කුලරත්න මහතා ප්‍රකාශ කළේ. ඊට අදාළ නිලධාරින් බඳවාගැනීමෙන් අනතුරුව, මෙම නීතිය මාස තුනක කාලයක් බස් රථ සඳහා ක්‍රියාත්මක කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.














