
කෑගල්ල කරඩුපන හංදිය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් පුද්ගලයන් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ පිරිස කෑගල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ රඹුක්කන සිට මහනුවර බලා ධාවනය වූ
ලංගම බස් රථයක් සහ දිගන සිට කොළඹ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක්. අනතුර සම්බන්ධයෙන් කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














