ගලිගමුව ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
පොලිසිය පැවසුවේ අනතුරෙන් මගීන් 21 දෙනෙක් පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
අද(21) අලුයම් කාලයේදී කෑගල්ලේ සිට රත්නපුරය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ වෙරගොඩ සිට කෑගල්ල බලා ධාවනය වූ ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූ මගීන් කෑගල්ල සහ වරකාපොල රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
බස් රථ දෙකෙහිම ගමන් කළ මගීන් මෙම තුවාලකරුවන් 21 දෙනා අතර වන බවද පොලිසිය කියා සිටියා.
අනතුර සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.