බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
පැමිණිල්ල ගොනු කර තිබෙන්නේ ශී% ලංකා හරිත සංවිධානයේ නියෝජනය කරන සංඛ වන්දිම අබේවර්ධන මහතා විසින්.
බලශක්ති අමාත්‍යවරයා පොහොර සංස්ථාවේ සේවය කරන අවදියේදී සිදුකරන ලද දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවකින් රජයට පාඩු කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධව මෙම පැමිණිල්ල ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අමාත්‍යවරයා අමාත්‍ය ධුරය දැරීමේදී ගත් යම් යම් තීරණ හේතුවෙන් රජයට පාඩුවක් සිදුකර ඇතැයිද මේ සම්බන්ධවද විමර්ශනය කරන ලෙස ඉල්ලා හරිත සංවිධානය විසින් මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබුවා.