
මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන් ඝාතනය කළ රැඳවියන් 200කට ආසන්න පිරිසකට මිනීමැරීමේ චෝදනා යටතේ ඉදිරියේදී නඩු පැවරෙනු ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා. මෙම අපරාධය සුරේෂ් සහ බූරුමූණා ඇතුළු අපරාධකරුවන් 13 දෙනෙකු මෙහෙයවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ. පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ සැකකරුවන් භාවිත කළ අවි ආයුධ ඔවුන් අතට පත් වූයේ කෙසේදැයි විමර්ශනය කරන බවයි.














