
මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත රථ පෙරහැරකින් රැගෙන එනු ලැබුවා. අදාළ නිලධාරීන් වෙත අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව දේහයන් පවුලේ ඥාතීන් වෙත භාරදීමට නියමිතයි. පසුගිය 6 වනදා උදෑසන මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමින් බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මේ අතර මීගමුව බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය
හේතුවෙන් බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවූ රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ, එම රැඳවියා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මේ අතර මීගමුව බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවූ රැඳවියෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා දේහයන්ට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියා. මෙහිදී අමාත්‍යවරයාගෙන් නිලධාරීන් හඬා වැලපෙමින් ඉල්ලා සිටියේ මෙයට සාධාරණයක් ඉටු කරන ලෙසයි. අමාත්‍යවරයා එහිදී එම නිලධාරීන්ට පොරොන්දු වුණේ හැකි ඉක්මනින් සෑම දෙනාටම සාධාරණයක් ඉටු කරන බවයි.මේ අතර බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් නිවෙස් බලා රැගෙන ගොස්
තිබෙනවා. කොළඹින් පිට පළාත්වල දේහයන් හයක් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ සිට රැගෙන ගිය අතර එක් දේහයක් අද පස්වරුවේ තලා හේන ප්‍රදේශයට රැගෙන යාමට නියමිතයි.














