බදුල්ල – කොළඹ මාර්ගයේ ධාවනය කෙරෙන සුඛෝපභෝගී බස් රථයක නියමිත ප්‍රමාණයට වඩා මගීන් ගෙනගිය බස් රථයේ රියැදුරුට රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක් ගෙවන ලෙස බළන්ගොඩ මහෙස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි වික්‍රමසිංහ මෙනවිය නියෝග කර තිබුණා.
ඕපනායක පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් විසින් වාහන පරීක්ෂා කිරීමේදී මෙම වරද සිදුකළ රියැදුරා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල බවයි වාර්තා වුයේ.