බටු වගාව ආශ්‍රිතව පැතිර යන පණු රෝගයක් හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ ගොවි ජනතාව පවසනවා .
මෙවර ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ බොහෝ ගොවීන් ගොඩ බෝගයක් ලෙස බටු වගාවට යොමුව තිබුනද , එහි මල් හටගන්නා අවදියේ සිට පණු උවදුරක් පවතින බව ගොවි ජනතාව පවසනවා .
ඒ හේතුවෙන් පල හට ගැනීමක් සිදු නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ .
මේ වන විට බටු වගාකල බොහෝ ගොවීන් ජපන් බටු , තිබ්බටු ,වෙනත් බටු වර්ග වල අස්වැන්න නෙලමින් සිටින බවද වාර්තා වනවා .
ගොවීන් පෙන්වා දෙන්නේ සැම බටු වර්ගයක් සදහාම පණු රෝග ව්‍යාප්තව තිබීම හේතුවෙන් සැලකිය යුතු ප්‍රමානයකින් අස්වැන්න අඩුවී ඇති බවයි ,
ඒම රෝගී තත්වයෙන් වගාවන් ආරක්ෂා කර ගැණිම සදහා කෘමි රසායනික යෙදීමෙන්ද කිසිදු පලක් නොවූ බව ඔවුන් පෙන්වා දී තිබෙනවා .
මෙම කරුණු හේතුවෙන් ගොවින් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවත් ඉදිරියේ දී බටු මිල ඉහල යාම වලැක්වීමට නොහැකි වනු ඇති බවත් ගිවි ජනතාව පවසනවා











