
වසර දෙකයි රටට සුබයි යන තේමාවෙන් ජාතික ජන බලවේගය රට පුරා සංවිධාන කරන මහජන රැලි මාලාවේ පොළොන්නරු සහ අනුරාධපුර දිස්ත්‍රික් රැළි අද සහ හෙට පැවැත්වෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජන රැළි මාලාවේ පොළොන්නරු දිස්ත්‍රික් රැළිය අද පස්වරු 4ට පැවැත්වීමට නියමිතයි. ඒ පොළොන්නරු දීප උයන පරිශ්‍රයේදීයි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට සවස 2ට කහටගස්දිගිලිය කේන්ද්‍ර කර ගනිමින් සහ සවස 4ට නොච්චියාගමදී ද ජනරැළි පැවැත්වෙනවා. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධානය කරන ජන රැළියක් අද අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිතයි. පස්වරු 02 ට මෙම රැලිය ආරම්භ වන බවයි එම පක්ෂය සදහන් කලේ . ජන පීඩක ආණ්ඩුවේ රුදුරු බල බිඳින ජන සටන යන්න තේමා කර ගනිමින් මෙම රැලිය පැවැත්වෙනවා. ඒ අනුරාධපුර නගරසභා නිවාස ක්‍රීඩාංගනයේදීයි.














