Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අප්‍රේල් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොසොන් උත්සවයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

    පොසොන් උත්සවයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

    2025-06-08කියවීමට මිනිත්තු 3ක් ගතවේ.73 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2025 වර්ෂයේ පැවැත්වෙන පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර පූජා නගරය මූලික කරගෙන ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ හා රථවාහන සැලැසුම් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ජුනි මස 10 වැනිදාට යොදී ඇති පොසොන් පුන් පොහොය දිනය මූලික කර ගනිමින් දිවයින පුරා බෞද්ධ බැතිමතුන් විසින් සිදු කරනු ලබන ආගමික වැඩසටහන් සම්බන්ධයෙන් ආරක්ෂාව ලබාදීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.

    පොලිසිය පවසන්නේ පොසොන් උත්සවය සඳහා බැතිමතුන් වැඩි පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කරනු ලබන අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආරක්ෂක සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

    මේ සඳහා අනුරාධපුර මූලික කරගෙන මහජනතාවගේ ආරක්ෂාව සඳහා කලාප හයක් වශයෙන් පොලිස් නිලධාරීන් 3500කට ආසන්න සංඛ්‍යාවක් රාජකාරී සඳහා යොදවා තිබෙනවා.

    මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හායුද හමුදා නිලධාරීන් අවශ්‍ය අවස්ථාවලදී සහය ලබාගැනීමට පොරොත්තු සේවා රාජකාරියේ යොදවා ඇති බවයි පොලිසිය පවසන්නේ.

    එසේම පොසොන් උත්සව සමයේදී බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක් යොමුවන ඓතිහාසික අනුරාධපුර නගරය වෙත වන අතර මිහින්තලා පූජා භූමිය, ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථාන ප්‍රදේශය, තන්තිරිමලය රජමහා විහාරය, අවුකන, විජිතපුර හා නාමල් උයන යන ප්‍රදේශ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බව පොලිසිය පවසනවා.

    අනුරාධපුර නගරයේ පහත සඳහන් ස්ථානවල රථ ගාල් ස්ථාපිත කර ඇති බවත් ඒවායෙහි රථ වාහන නවතන ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

    රුවන්වැලිසෑය රථගාල, රුවන්වැලිසෑය ප්‍රභූ රථගාල, මිරිසවැටිය රථ ගාල, වටවන්දනා රථගාල, ඉසුරුමුණිය පාසල් රථ ගාල, ථූපාරාම සුසාන භූමිය අසල රථගාල, සඳහිරු සෑය රථගාල, පැරණි භික්ෂු විශ්වවිද්‍යාල රථගාල, අභයගිරිය රථගාල, ලංකාරාම රථගාල, සමාධි පිළිම රථගාල, ජේතවනාරාම රථගාල, නෙල්ලිකුලම පාසල් රථගාල, පුරාවිද්‍යා හන්දිය රථගාල, පැරණි බන්ධනාගාර රථගාල, කුරුණෑගල හන්දිය රථගාල, අක්කර 08 රථගාල, පැරණි පොලිස් භූමි රථගාල, පැරණි පොලිස් භූමි ප්‍රභූ රථගාල, සදකඩ පහණ රථගාල සහ කුට්ටම්පොකුණ රථගල යන රථගාල් රථ ගාල් 21 එම ස්ථාන බවයි පොලිසිය පවසන්නේ.

    මේ අතර මිහින්තලා පූජා භූ මිය ආශ්‍රීතව ද රථ ගාල් හතක් ස්ථාපිත කර ඇති බව පොලිසිය පවසනවා.
    එම රථ ගාල් වන්නේ අඹකොටුව, කඳුපාමුල, කළුදියපොකුණ, ඉසුරු උයන, තිස්ස ක්‍රීඩාංගණය, නව රථ ගාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යල නිල නිවාස රථගාලයි.

    අනුරාධපුර නගරය ආශ්‍රීතව ඇති වැව් සහ ජලාශවල දිය නාන පිරිසගේ ආරක්ෂාව සඳහා පොලිස් ජීවිතකාරක්ෂක නිලධාරීන් 150කට ආසන්න සංඛ්‍යාවක් අනුරාධපුර ප්‍රදේශයේ රාජකාරී යොදවා ඇති බවත් 3500කට අධික පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් අනුරාධපුර පූජා භූමිය මූලික කරගෙන පොසොන් උත්සවයේ ආරක්ෂක රාජකාරීයේ යොදවා මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවත් පොලිස් මූලස්ථානය පවසනවා.

    පූජා භූමියට මත්පැන් සහ මත්ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර මාර්ගයේ නුසුදුසු ස්ථානවල රථ වාහන නැවතීම හෝ නවතා තැබීම රථ වාහන තදබදයක් ඇතිවීමට හේතුවන බැවින් ඒවා නියමිත රථගාල්වල පමණක් නැවැත්තීමට කටයුතු කරන ලෙස ලෙස දැනුවත් කර සිටිනවා.

    රථවාහනවල ආරක්ෂාව සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක පරිදි පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවා ඇති බවද නිවේදනයේ සඳහන්.

    කිසියම් හදිසි අවස්ථාවකදී ඇමතී සඳහා 025 2222124 දරණ පොලිස් මෙහෙයුම් මැදිරියේ දුරකථන අංකය භාවිතා කළ හැකි බවත් අනුරාධපුර ප්‍රදේශයට අදාළව රථ වාහන තදබදයකදී හෝ රථ වාහන ආපදා තත්ත්වයකදී අංක 071 859 3330 දරණ දුරකථන අංකයට ඇමතීම් කර පොලිස් නිලධාරීන්ගේ සහය ලබාගැනීමට හැකි බවත් පොලිස් මූලස්ථානය පවසනවා.

    පෙර පුව​තහෙරොයින් සමග පුද්ගලයන් සිව්දෙනෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත අයිස් මත්ද්‍රව්‍ය සමග හතක් කොටුවෙයි

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group