Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හෙරොයින් සමග පුද්ගලයන් සිව්දෙනෙක් අත්අඩංගුවට

    හෙරොයින් සමග පුද්ගලයන් සිව්දෙනෙක් අත්අඩංගුවට

    2025-06-08කියවීමට මිනිත්තු 2ක් ගතවේ.65 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හෙරොයින් සමග පුද්ගලයන් සිව්දෙනෙක් ස්ථාන තුනකදී අත්අඩංගුවට ගැනුණු බව පොලිසිය පවසනවා.
    පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අතුරුගිරිය, බඩල්ගම සහ ගල්කිස්ස යන ප්‍රදේශවලදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනුණු බවයි.

    අතුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් හයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ අතුරුගිරිය පොලිසියට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදීයි.

    එහිදී අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 41ක් පමණ වන හබරකඩ වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.

    අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මේ අතර බඩල්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ද හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ බඩලග්ම, කෙහෙල්ඇල්ල ප්‍රදේශයේදීයි.

    සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් හයසියක් සොයා ගැනුණු බවයි පොලිසිය පවසන්නේ.

    අත්අඩංගුවට ගෙන ඇති සැකකරු බඩල්ගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයෙක්.

    බඩල්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    එගොඩඋයන ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීම් දෙකකදී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ගලක්සිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම් දෙක සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

    එහිදී හෙරොයින් ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් හාරසියක් සමග එක් සැකකරුවෙක් සහ හෙරොයින් ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් හාරසියක් සමග තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34, 46 යන වයස්වල පසුවන මොරටුව සහ පානදුර ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් එගොඩඋයන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.

    සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන එගොඩඋයන පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

    පෙර පුව​තරට තුල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200 ක්
    ඊළඟ පුව​ත පොසොන් උත්සවයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group