Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    2026-04-20

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පෙම්වතිය පෙම්වතාට දුන් අපූරු සප්‍රයිස් එක

    පෙම්වතිය පෙම්වතාට දුන් අපූරු සප්‍රයිස් එක

    සජිත් ගයාන් උබේපාල - මැදවච්චිය
    2023-05-03කියවීමට මිනිත්තු 2ක් ගතවේ.479 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පෙම්වතිය තම පෙම්වතාගේ අත කපා පෙම්වතියද කිසියම් ඖෂධ වර්ගයක් පානය කිරීමෙන් පසුව රෝහල් ගත කිරීමේ පුවතක් මැදිවච්චිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

    අවසන් වතාවට හමුවී ප්‍රේම සම්බන්ධය නැවැත්වීමට ඔවුන් මෙලෙස මැදවච්චිය ලැගුම් හළකට පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.

    එලෙස පැමිණි පෙම් යුවළ අතර ඇති වූ ගැටුමේදී පෙම්වතිය ගෙන එන ලද පිහියකින් පෙම්වතාගේ අත කපා ඇති බවත් පසුව පෙම්වතියද කිසියම් ඖෂධයක් පානය කර ඇති බවත් මූලික විමර්ශනවලදී පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

    මෙලෙස පෙම්වතුන් ලෙස පැමිණ ඇත්තේ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණියක් හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ යාපනය කඳවුරක සේවය කළ පදවිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

    ඔවුන් දෙදෙනාම යුද හමුදාවේ සේවය නිරත වන බවට ද වාර්තා වනවා.

    මෙම දෙදෙනා අවසාන වතාවට හමුවී දීර්ඝ කාලයක් පවත්වාගෙන ආ ප්‍රේම සම්බන්ධතාවය නැවැත්වීමට තරුණයා ගෙනා යෝජනාවක් මත මැදවච්චිය පුද්ගලික ලැගුම් හලකට ඔවුන් දෙදෙනා පසුගිය පළමුවැනිදා පැමිණ තිබෙනවා.

    අනතුරුව දෙදෙනා පෙම්සුව විදිමින් සිටි අතරතුර තරුණයා විසින් මෙම යෝජනාව ප්‍රකාශ කර තිබෙනවා.

    එම යෝජනාව දරාගැනීමට නොහැකි වූ තරුණිය තම ගමන් බෑගයේ සඟවාගෙන ආ පිහියක් එක්වරම ගෙන සිය දිවි හානි කර ගැනීමට උත්සහ දරා ඇත.

    ඒ අවස්ථාවේ මෙම තරුණයා එය වැළැක්වීමට ගොස් ඇති බවත් එහිදී සිදුවූ පොරබැඳීමත් සමග තරුණයාගේ අත තුවාල වී ඇති බවත් පොලිස් විමර්ශන හමුවේ මෙම තරුණයා ප්‍රකාශ කර තිබෙනවා.

    අනතුරුව දැඩි රුධිර වහනයක් සිදුවීම හේතුවෙන් තරුණයා රෝහල් ගතවීමට සූදානම් වන අවස්ථාවේ තරුණිය ලැගුම් හලේ බාත්රූම් එකට දිවගොස් ඇති අතර පසුව තරුණියද සිහිය නොමැතිව වැටී ඇති බවයි වාර්තාවන්නේ.

    තරුණයා මෙම තරුණියත් රැගෙන මැදවච්චිය රෝහල කරා ත්‍රීරෝද රථයකින් පැමිණි ඇත.

    මැදවච්චිය රෝහල මූලික ප්‍රතිකාර සිදුකර රෝහල් බලධාරින් වැඩිදුර ප්‍රතිකාර සඳහා දෙදෙනොම අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

    එහිදී තුවාල ලැබූ හමුදා සෙබලා 11 වාට්ටුවටත් හිටපු හමුදා සෙබලියක් යැයි සැක කෙරෙන තරුණිය මෙත්සිරි සෙවනේ පිහිටි දැඩි සත්කාර ඒකකයටත් ඇතුලත් කර තිබෙනවා.

    එම තරුණියගේ සිරුර ඉදිමෙමින් පවතින බවයි පොලිසිය පවසන්නේ.

    සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් පොලීසිය විසින් මැදවච්චිය පොලිසිය වෙත ඊයේ (02) සවස දැනුම් දී ඇති අතර වහාම ක්‍රියාත්මක වූ මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි.බී රත්නායක මහතා ඇතුලු විශේෂ පොලිස් කණ්ඩායමක් එම පෙම් යුවල ලැගුම් ගත් ස්ථානය පරික්ෂා කර තිබෙනවා.

    එහිදී ලැගුම් හලේ බාත්රූම් එක තුළ තිබී නිදි පෙතිවලට සමාන පෙති කාඩ් කිහිපයක් සහ කුඩා ප්‍රමාණයේ බෝතල් කිහිපයක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

    ඒ අනුව මෙම තරුණිය සිය දිවි හානි කර ගැනීමට උත්සහ දරා ඇති බවට තහවුරු වූ බවයි පොලිසිය පවසන්නේ.

    සිදුවීම පිළිබඳ මැදවච්චිය පොලිසිය වැඩි දුර පරික්ෂණ සිදු කරනු ලබනවා.

    පෙර පුව​තවිභාග කොමසාරිස්ගෙන් විශේෂ නිවේදනයක්
    ඊළඟ පුව​ත මෙක්සිකෝ දේශ සීමාව වෙත හමුදා භටයින් 1500ක්

    සබැ​ඳි පුවත්

    සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා

    යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි

    Mrs World 2025 2nd Runner up

    ලෝක විවාහක රූ රැජින තරගයේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    සේවිකාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    2026-04-20

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group