
පිළියන්දල වීරසිංහ මාවත ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමට යාමේදී පොලිස් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ අද උදෑසන මත්ද්‍රව්‍ය සම්බන්ධව සිදුකරන ලද වැටලීමක් අතරතුරදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. එහිදී යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමට තැත් කිරීමේදී එක් සැකකරුවෙකු පොලීසියට තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ ගෙන තිබෙනවා. එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ පොලීසිය විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එහිදී එක් සැකකරුවෙකු තුවාල ලබා ඇති බව සදහන්.














