නුවරඑළිය පිදුරුතලාගල රක්ෂිතයට ඇතුළු වී අනවසරයෙන් කඳවුරු බැද නතර වී සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු නුවරඑළිය අඩවි වන කාර්යාලයේ නිලධාරීන් ඇත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර අද(25) දින එම සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් ලංකාගනී ප්‍රබුද්ධිකා මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගත් නිසා එම සැකකරුවන්ට දඬුවම් ලබාදීමට ඔක්තෝබර් 16 වන දින දක්වා කල්තැබීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.
සැකකරුවන් අවසරයකින් තොරව ඉකුත් 7 වැනිදා පිදුරුතලාගල රක්ෂිතයේ කැරයන් යන ප්‍රදේශයට ඇතුළු වී කඳවුරු මැද කඳවුරු අවට ගිනි මැළ දල්වා සිටින බවට නුවරඑළිය අඩවි වන කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබෙනවා.
අවුරුදු 25-30 අතර වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් 26 දෙනා අතර තරුණියන් දෙදෙනෙකුද සිටින බවත් එම සැකකරුවන් ගාල්ල, පානදුර, කුරුණෑගල ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පිරිසක් බවත් එම පිරිස මුහුණු පොත හරහා හඳුනාගත් පිරිසක් බවත් තොරතුරු අනාවරණ වී තිබෙනවා.