මස්කෙළිය නඟරයේ 08 වන වීදියේ ප්‍රධාන මාර්ගයේ වැටී තිබී පාසල් සිසිුවියකට හමු වූ රුපියල් ලක්ෂයක් පමණ වටිණා රත්රන් තැල්ලක් හා මුදල් රුපියල් 3000/- ක පසුම්බිය එහි අයිතිකරුට මස්කෙළිය පොලීසියේදී (24) දා භාර දෙන ලදී.
මස්කෙළිය ශාන්ත ජෝෂප් දෙමළ මහා විද්‍යාලයේ උසස් පෙළ වානිජ්‍ය අංශයෙන් අධ්‍යාපනය හදාරමින් සිටින බාලක්‍රිෂ්ණන් අභිනයා නැමති මෙම සිසුවිය සුපුරුදු ලෙස (24) දා උදෑසන පාසලට පැමිණෙමින් සිටියදී මාර්ගයේ වැටී තිබූ මෙම මුදල් පසුම්බිය තුළ
තිබූ රත්රන් තැල්ල හා මුදල් හමුවී ඇත.
ඇය මෙම පසුම්බිය මස්කෙළිය ශාන්ත ජෝෂප් දෙමළ මහා විද්‍යාලය අසල ප්‍රධාන මාර්ගයේ උදෑසන රාජකාරි කටයුතුවල නිරත වෙමින් සිටි මස්කෙළිය පොලීසියේ පොලිස් කොස්තාපල් ජී.විග්නේෂ්වරන් (90147) මහතාට දී ඇත්තේ අයිතිකරු සොයා භාර දෙන ලෙස කාරුණකිව ඉල්ලා සිටිමිනි.
මස්කෙළිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර මහතා විසින් මෙම මුදල් පසුම්බිය පරීක්ෂා කර එහි තිබුණු ලිපියක් මාර්ගයෙන් මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, ක්වීන්ස්ලන්ඩ් කොටසේ පදිංචි එහි අයිතිකරු වන පුවනලෝජිනී නැමති අය
සොයා ඇය වහා පොලීසියට කැඳවා අනන්‍යතාවය තහවුරු කර ගැනීමෙන් අනතුරුව රන් තැල්ල හා මුදල් රුපියල් 3000/- මස්කෙළිය පොලීසියේදී අයිතිකරුගේ සැමියා වෙත භාර දෙන ලදී.